චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට. -
News

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට.

2025 IPL තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක චරිත් අසලංකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්ලේඕෆ් සඳහා සුදුසුකම් ලැබුවහොත්, කණ්ඩායමේ ප්‍රධාන විදේශීය ක්‍රීඩකයින් වන දකුණු අප්‍රිකාවේ කෝබින් බොෂ් ​​සහ රයන් රිකෙල්ටන් සහ එංගලන්තයේ විල් ජැක්ස් යන ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ජාත්‍යන්තර තරඟ හේතුවෙන් එම තරඟ මඟ හැරෙනු ඇති බැවින් චරිත් අසලංකව එක්කර ගැනීමට සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

නමුත්, තවමත් චරිත් අසලංක හෝ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button