තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙන්ක් PSL තරඟාවලියට.. -
News

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙන්ක් PSL තරඟාවලියට..

ඉන්දීය පාකිස්තාන යුධ වාතාවරණය හමුවේ ආරක්ශක හේතූන් මත තාවකාලිකට නවතා දැමූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය සහ පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය මැයි 17 වනදා සිට නැවත ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලි නවතාදැමීමත් සමඟින් IPL සහ PSL තරඟාවලි ක්‍රීඩාකරමින් සිටි විදෙස් ක්‍රීඩකයින් නැවත සිය රටවල් බලා පිටත්වූ අතර සමහර ක්‍රීඩකයින් තරඟාවලියට නැවත එක්වීම ප්‍රතිකේෂ්ප කර ඇති අතර ඇතැම් ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිදුවීම නිසා IPL සහ PSL තරඟාවලි අහිමිවී තිබෙනවා.

මෙවන් පසුබිමක PSL තරඟාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් IPL තරඟාවලිය සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ ජෝස් බට්ලර්ට ආදේශකයක් ලෙසයි. මීට අමතරව චරිත් අසලංකද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්වීමට නියමිත බව වාර්තාවෙනවා.

එලෙසම PSL තරඟාවලියේ Quetta Gladiators කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සිය කණ්ඩායමට එකකරගෙන තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ කඩුලු රකින පිතිකරු දිනේශ් චන්දිමාලුයි. මීට අමතරව ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ශ ලාහෝර් ක්ලාන්ඩාර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති අතර වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුශංක මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමඟින් එක්වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button