ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට ඕස්ටේලියා, දකුණු අප්‍රිකා සංචිත නම්කරයි.. -
News

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට ඕස්ටේලියා, දකුණු අප්‍රිකා සංචිත නම්කරයි..

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය එළඹෙන ජූනි 11 ස් වනදා සිට 15 ස් වනදා තෙක් එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වනවිට අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට නියමිත සිය සංචිත නිවේදනය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම, නිත්‍ය නායක පැට් කමින්ස්ගේ නායකත්වය යටතේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට එක්වන අතර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසකගෙන් ඔස්ට්‍රේලියා සංචිතය සමන්විත වෙනවා.

ඕස්ට්‍රේලියා සංචිතය මෙන්න.

  • Pat Cummins (c)
  • Scott Boland
  • Alex Carey †
  • Cameron Green
  • Josh Hazlewood
  • Travis Head
  • Josh Inglis †
  • Usman Khawaja
  • Sam Konstas
  • Matthew Kuhnemann
  • Marnus Labuschagne
  • Steven Smith
  • Mitchell Starc
  • Beau Webster

දකුණු අප්‍රිකා කණ්ඩායම සුපුරුදු පරිදි ටෙම්බා බවුමාගේ නායකත්වය යටතේ අවසන් මහා තරඟයට මුහුණදෙන අතර තහනම් උත්තේජක චෝදනා එල්ලවූ කාගිසෝ රබාඩා ද සංචිතයට නම්කර තිබෙනවා.

දකුණු අප්‍රිකා සංචිතය මෙන්න.

  • Temba Bavuma (c)
  • David Bedingham
  • Corbin Bosch
  • Tony de Zorzi
  • Marco Jansen
  • Keshav Maharaj
  • Aiden Markram
  • Wiaan Mulder
  • Senuran Muthusamy
  • Lungi Ngidi
  • Dane Paterson
  • Kagiso Rabada
  • Ryan Rickelton †
  • Tristan Stubbs
  • Kyle Verreynne

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button