සමුගන්න බවට පැතිරයන පුවත් ගැන මැතිව්ස් සිය ස්තාවරය ප්‍රකාශ කරයි.. -
News

සමුගන්න බවට පැතිරයන පුවත් ගැන මැතිව්ස් සිය ස්තාවරය ප්‍රකාශ කරයි..

එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංගලදේශ ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා සුපිරි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට නියමිත බවට සමාජ මාධ්‍ය තුළ මේවනවිට පුවත් පැතිර යනවා.

මේ සම්බණ්ධව සිය ස්තාවරය ප්‍රකාශ කරමින් මැතිව්ස් පවසා තිබෙන්නේ බංග්ලාදේශ තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හෝ ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තමාගේ සූදානමක් නොමැතිබවයි.

ඇන්ජලෝ මැතිව්ස් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 118 කට ක්‍රීඩාකරමින් ශතක 16 ක් සහ අර්ධ ශතක 45 ක් සමඟින් ටෙස්ට් ලකුණු 8167 කට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවන වැඩිම ටෙස්ට් ලකුණුලාභියාද වන්නෙ ඔහුයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button