News
කුසල් මෙන්ඩිස්ට සදහටම PSL තහනම් වෙයි ?..

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටි ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් මේ වනවිට IPL තරඟාවලියේ ඉතිරි තරඟ කිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වී තිබෙනවා.
කෙසේවෙතත් කුසල් මෙන්ඩිස් පාකිස්තානු සුපර් ලීග් තරඟාවලිය ප්‍රතික්ෂේප කර ඉන්දියන් ප්‍රිමියර් ලීගයට සහභාගී වුවහොත් ඔහුට නැවත කිසිඳු දිනෙක පාකිස්තානු සුපර් ලීගය (PSL) ක්‍රීඩා කිරීමට නොලැබෙන බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය සඳහන් කර තිබෙනවා.
ලැබී ඇති අවස්තාව මඟහැරිය හොත් ඔහුට ඉන්දියන් ප්‍රිමියර් ලීගය ක්‍රීඩාකිරීමට නැවත අවස්තාවක් හිමිවේද යන්න ප්‍රශ්ණ සහගත අතර පාකිස්තානු සුපර් ලීගය අත්හැර ඔහුට IPL හීදී දක්ශතා අතරට ඒමට නොහැකි වුවහොත් ලබන වසරේදී IPL ක්‍රීඩක වෙන්දේසියෙන්ද ඔහු ප්‍රතික්ශේප වන අතර පාකිස්තානු සුපර් ලීගයද සදහටම අහිමිවනු ඇත.