පැතුම් නිශ්ශංක දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ?.. -
News

පැතුම් නිශ්ශංක දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ?..

2025 IPL තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා ආදේශක ක්‍රීඩකයෙකු ලෙසින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්කර ගැනීමට නියමිත බව වාර්තාවෙනවා.

මැයි 17 IPL තරඟාවලියේ නැවත ආරම්භයත් සමඟින් ජේක් ෆ්‍රේශර් මැක්ගර්ක්, ෆැෆ් ඩු ප්ලෙසිස් සහ ඩ්‍රිනොවයින් ෆෙරෝරියාගේ සේවය දිල්ලි කණ්ඩායමට අහිමිව ඇති අතර මිචෙල් ස්ට්‍රාර්ක් සහ ට්‍රිස්ටන් ස්ටුබ්ස් හටත් තරඟාවලියේ අවසානය තෙක් කණ්ඩායමේ රැඳී සිටිය නොහැකි බව දැනුම්දී තිබෙනවා.

තවමත් පැතුම් නිශ්ශංකව සිය කණ්ඩායමට එක්කරගත් බව නිළවශයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දැනුම්දී නොමැති වුනත් ප්‍රධාන පිතිකරුවන් කිහිපදෙනෙක්ම කණ්ඩායමට අහිමිව ඇති පසුබිමක පැතුම් නිශ්ශංකව දිල්ලි කණ්ඩායමට එක්කරගැනීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තාවන්නෙ..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button