ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉන්දියාව ඉවත්වෙයි ?.. -
News

ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉන්දියාව ඉවත්වෙයි ?..

2025 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉන්දීය කණ්ඩායම ඉවත්කරගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇතිබව වාර්තාවෙනවා. එලෙසම ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබෙන කාන්තා නැඟීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරඟාවලියෙන් ද ඉන්දියාව ඉවත්වී ඇතිබව වාර්තාවෙනවා.

ඉන්දියාව, ආසියානු කුසලාන තරඟාවලි වලින් ඉවත්කර ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් පාකිස්තාන අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියනු ක්‍රිකට් කවුන්සිලය (ACC) වෙත දැනුම් දී ඇතිබවයි වාර්තාවෙන්නෙ..

පසුගිය මාසයේ ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟින් ඉන්දියාව සහ පාකිස්තානය අතර උස්සන්න වූ එදිරිවාදිකම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව මෙම තීරණය ගෙන ඇතිබව වාර්තාවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button