කණ්ඩායම් තුනක් IPL ප්ලේඕෆ්ස් වටයට..

මේවන විට මෙවර ඉන්දීය ප්රීමියර් ලීග් තරඟාවලියේ තරඟ 60 අවසානයේදී ප්ලේඕෆ්ස් වටයට පිවිසීමට කණ්ඩායම් 03 ක් සමත්වී තිබෙනවා. ඊයේ පැවති ගුජරාට් ටයිටන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරඟයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තාකරමින් ප්රසාද ලකණු 18 ක් සමඟින් ප්ලේඕෆ්ස් වටයේ සිය ස්තානය තහවුරු කරගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වාර්තාකළ මෙම ජයත් සමඟින් ප්රසාද ලකුණු 17 කට හිමිකම් කියන රෝයල් චැලෙන්හර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායමද ප්ලේඕෆ්ස් වටයට සුදුසුකම් ලබාගත්තා.
මේ වනවිට කණ්ඩායම් 04 ක් නිලවශයෙන් තරඟාවලියෙන් ඉවතට විසිවී තිබෙන අතර ප්ලේඕෆ්ස් වටයේ ඉතිරි ස්තානය වෙනුවෙන් කණ්ඩායම් 03 ක් අතර තියුණු සටනක් පවතිනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ප්ලේඕෆ්ස් වටයට පිවිසීමට නම් ඉතිරි තරඟ දෙකම ජයගත යුතු වනවා. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ප්ලේඕෆ්ස් වටයට පිවිසීමට ඉතිරි තරඟ තුනම ජයගැනීම අනිවාර්යය වන අතර මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරඟයේ තීරණයද වැදගත් වෙනවා.
තරඟ 60 ක් අවසානයේ IPL ප්රසාද ලකුණු සටහන මෙන්න.
