WTC ශූරයන්ට දැවැන්ත ත්‍යාග මුදලක්.. ශ්‍රී ලංකාවටත් සුපිරි ත්‍යාගයක්..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.76 ක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 172 ක් වෙන්කර තිබෙනවා. එය පෙර අදියර දෙකට වඩා දෙගුණයකටත් වඩා වැඩි මුදලක් වන අතර මෙහිදී ශූරයන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක් වෙන්කර ඇති අතර, එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108 ක අගයක්. එමෙන්ම අනුශූරයන් සඳහාද ඇමෙරිකානු ඩොලර් මිලියන 2.16 ක් (ශ්‍රී ලංකා මුදලින් රු.කෝ. 64 ) වෙන්කර තිබෙනවා.
මීට අමතරව ප්‍රසාද ලකුණු සටහනේ එක් එක් ස්ථාන අනුව මෙවරද ත්‍යාග මුදල් ලබාදෙන අතර, එයද පසුගිය අදියර දෙකට සාපෙක්ෂව ඉහළ අගයක් වේ. ඒ අනුව මෙවර තරගාවලියේ 06 වන ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් 840,000 ක මුදලක් හිමිවන අතර, එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වේ.
මෙවර තරගාවලියේ තෙවන ස්ථානය හිමිකරගත් ඉන්දියාවට ඇ.ඩො.මි. 1.44 ක්, 4 වන ස්ථානය හිමිකරගත් නවසීලන්තයට ඇ.ඩො.මි. 1.2ක් , 5 වන ස්ථානය හිමිකරගත් එංගලන්තයට ඇ.ඩො. 960,000 ක් හිමිවේ.
ඊට අමතරව 7 වන ස්ථානය හිමිකරගත් බංග්ලාදේශයට ඇ.ඩො. 720,000 ක්, 8 වන ස්ථානය හිමිකරගත් බ.ඉ. කොදෙව්වන්ට ඇ.ඩො. 600,000 හා 9 වන හා අවසන් ස්ථානය හිමිකරගත් පාකිස්තානයට ඇ.ඩො. 480,000ක් ලෙසින් මුදල් ත්‍යාග හිමිවේ.