News
2025 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට දින නියමවෙයි..

ලංකා ප්‍රීමියර් ලීග් ( LPL ) තරඟාවලියේ 06 වන අදියර එළඹෙන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට සූදානම් බව වාර්තාවෙනවා. තරඟාවලිය එළඹෙන ජූලි මස 25 ස් වනදා සිට අගෝස්තු 25 ස් වනදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තාවෙනවා.
තරඟාවලියේ සියලු තරඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත බවද වාර්තාවෙනවා.