News
අළුබඳුන තරඟාවලියට පෙර ශ්‍රී ලංකාව සමඟින් ටෙස්ට් තරඟාවලියක් ?..

2025/26 අළුබඳුන තරඟාවලියට පෙර එම තරඟාවලියට සූදානම් වීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් ක්‍රීඩාකිරීමට සලකා බලමින් සිටින බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
2025/26 අළුබඳුන තරඟාවලිය 2025 නොවැම්බර් 21 වනදා සිට 2026 ජනවාරි 04 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන අතර තරඟාවලියට පෙර පුහුණුවක් ලෙසින් ක්‍රීඩාකිරීමට සූදානමින් සිටින මෙම තරඟාවලිය පිළිබදව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරියේදී දැනුම්දෙනු ඇත.