News
ශෙහාන් මදුශංක නැවතත් අත්අඩංගුවට.

ක්‍රිකට් කුසලානයක් තුළ මත්ද්‍රව්‍ය (හෙරොයින්) 2g 35ml ප්‍රමාණයක් සඟවා තබාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුශංක පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලැබුණු තොරතුරක් මත, පන්නල අලබොඩගම පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී, ඔහු පුටුවක් යට සැඟව සිට ඇති බවටත් වාර්තා වන්නේ.
මීට පෙර ද ඔහුගේ වාහනය තුළ මත්ද්‍රව්‍ය තිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.
30 හැවිරිදි මදුශංක, 2018 දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ පලමු ජාත්‍යන්තර තරඟයේදීම බංගලිදේශයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් අතර, පලමු අත්අඩංගුවෙන් පසු මේ වෙන් තෙක් ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කර නොමැත.