තරඟ පාවාදීමේ චෝදනාවකට වරදකරු වූ LPL හිමිකරුට වැඩවරදී… -
News

තරඟ පාවාදීමේ චෝදනාවකට වරදකරු වූ LPL හිමිකරුට වැඩවරදී…

නිමාවූ 2024 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීමට තැත්කිරීමට අදාළ චෝදනාවකට අදාළව ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ ඉන්දියානු හිමිකරු වූ ප්‍රේම් තක්කාර් නැමැති ඉන්දියානු ජාතිකයාව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණු අතර මෙම නඩුවට අදාළ තීන්දුව අධිකරණය විසින් පසුගියාද ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආශ්‍රිත වැරැදි වැළැක්වීමේ පනත යටතේ තරඟ පාවාදීමේ චෝදනාවට අදාළව වරදකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර් හට වසර 10 ක අත්හිටවූ සිර දඬුවමක් නියමකර තිබෙනවා. ඒ වසර 02 කින් ගෙවීයන පරිදියි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button