කුළුදුල් IPL ශූරයන්ට දැවැන්ත ත්‍යාග මුදලක්.. -
News

කුළුදුල් IPL ශූරයන්ට දැවැන්ත ත්‍යාග මුදලක්..

ඊයේ පැවති (03) 2025 IPL තරඟාවලියේ අවසන් මහා තරඟයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් වසර 18 ක IPL ඉතිහාසයේ සිය කුළුදුල් IPL ශූරතාවය තමන් සතුකරගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

තරඟයෙන් අනතුරුව මෙවර IPL තරඟාවලියේ විශිස්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් සහ කණ්ඩායම් වලට හිමි සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමූ අතර මෙවර තරඟාවලියේ වටිනාම ක්‍රීඩකායා ලෙසින් සම්මාන හිමිකරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් සමත්වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක සායි සුදර්ශන්, තරඟාවලියේ නැඟීඑන ක්‍රීඩකයා ඇතුළු සම්මාන රැසක් හිමිකරගත් අතර සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ කමිඳු මෙන්ඩිස්, තරඟාවලියේ විශිස්ටතම උඩපන්දු රැකීමට හිමි සම්මානය දිනාගත්තා.

මෙවර IPL තරඟාවලියේ සම්මාන දිනාගත් ක්‍රීඩකයින් සහ කණ්ඩායම් ( ඔවුන්ට හිමිවූ ත්‍යාග මුදල් සමඟ )

  • IPL 2025 Orange Cap winner (Sai Sudharsan): Rs 10 Lakh
  • IPL 2025 Purple Cap winner (Prasidh Krishna): Rs 10 Lakh
  • IPL 2025 Emerging Player winner (Sai Sudharsan): Rs 10 Lakh
  • IPL 2025 Most Valuable Player (Suryakumar Yadav): Rs 15 Lakh
  • Super Striker of the season (Vaibhav Suryavanshi): Rs 10 lakh + Tata Curvv
  • Fantasy King of the season (Sai Sudharsan): Rs 10 Lakh
  • Best catch winner (Kamindu Mendis): Rs 10 Lakh
  • Most Dot Balls (Mohammed Siraj): Rs 10 lakh
  • Super Sixes (Nicholas Pooran): Rs 10 lakh
  • Fours of the season (Sai Sudharsan): Rs 10 lakh
  • Fairplay award (Chennai Super Kings): Rs 10 lakh
  • Pitch and Ground (Delhi Capitals home ground New Delhi): Rs 50 lakh

එලෙසම මෙවර කුළුදුල් IPL ශූරතාවය දිනාගත් රෝය්ල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක දැවැන්ත මුදල් ත්‍යාගයක් හිමිවූ අතර අනුශූරතාවය දිනාගත් පංජාබ්ල කිංග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මුදල් ත්‍යාගයක් හිමිවුණා.

  • Winner: Rs. 20 crore ( Royal Challengers Bangalu )
  • Runners-up: Rs. 12.5 crore ( Punjab Kings )
  • Third place (Mumbai Indians): Rs. 7 Crore
  • Fourth place (Gujarat Titans): Rs. 6.5 crore

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button