News
බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරඟයට ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්..

2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 02 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන ජූනි 17 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
බංග්ලාදේශය සමඟ පළමු ටෙස්ට් තරඟය වෙනුවෙන් ශ්‍රි ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා. මෙම තරඟය ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරඟයද වනවා. සුපුරුදු පරිදි දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයට යොවුන් නවක ක්‍රීඩකයින් රැසක් කැඳවා තිබීම විශේෂත්වයක්. නවක ක්‍රීඩකයින් ලෙසින් සොනාල් දිනූශ , පවන් රත්නායක , පසිඳු සූරියබණ්ඩාර , ලහිරු උදාර සහ තරිඳු රත්නායකට සංචිතයේ ඉඩ වෙන්වී ඇති අතර කලකට පසුව අකිල දනංජයව ද ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
බංග්ලාදේශයට එරෙහිව පළමු ටෙස්ට් තරඟය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
- Dhananjaya de Silva (C)
- Pathum Nissanka
- Oshada Fernando
- Lahiru Udara
- Dinesh Chandimal
- Angelo Mathews
- Kamindu Mendis
- Kusal Mendis
- Sonal Dinusha
- Pawan Rathnayake*
- Pasindu Sooriyabandara*
- Prabath Jayasuriya
- Akila Dananjaya
- Tharindu Rathnayake*
- Asitha Fernando
- Vishwa Fernando
- Lahiru Kumara
- Milan Rathnayake.