2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී චමරි, වනිඳු සහ කමිඳු වැඩිම සම්මානලාභීන් අතරට..

2024 ජාත්‍යන්තර සහ දේශිය ක්‍රිකට් පිටියේ විශිස්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඟයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය ඊයේ (09) City Of Dreams හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
පළමුවෙන්ම පසුගිය වසරේ දේශීය ක්‍රිකට් පිටියේ විශිස්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සම්මාන පිරිනැමූ අතර මෙරට ක්‍රීඩාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වසර ගණනාවක් සිදුකළ සේවාව අඟයමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රංජිත් ප්‍රනාන්දු, ප්‍රවීණ ක්‍රිකට් පරිපාලන නිළධාරී චන්ද්‍රා ශාප්ටර් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ ජීවිතයට එක්වරක් හිමිවන විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඉන් අනතුරුව නිමාවූ වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ශතා අඟයමින් සම්මාන පිරිනැමූ අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් කමිඳු මෙන්ඩිස් සම්මාන හිමිකරගත් අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා. 2024 වසරේ නැඟීඑන ක්‍රීඩකයා ලෙසින් ජනිත් ලියනගේ සම්මාන දිනාගත්තා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වෙනුවෙන් පිරිනැමූ සම්මාන 07 ක් අතරින් 06 ක් ම හිමිකරගැනීමට චමරි අතපත්තු සමත්වූ අතර වැඩිම සම්මාන ගණනක් හිමිකරගත් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වුණේ වනිඳු හසරංගයි.
2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ සම්මාන හිමිකරගත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක – ක්‍රීඩිකාවන් මෙන්න.
- 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – කමිඳු මෙන්ඩිස්
- 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
- 2024 වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා – ජනිත් ලියනගේ
- 2024 වසරේ හොඳම විස්සයි විස්ස පිතිකරුවා – කුසල් මෙන්ඩිස්
- 2024 වසරේ හොඳම විස්සයි විස්ස පන්දුයවන්නා – වනිඳු හසරංග
- 2024 වසරේ හොඳම විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයා – වනිඳු හසරංග
- 2024 වසරේ හොඳම එක්දින පිතිකරුවා – පැතුම් නිශ්ශංක
- 2024 වසරේ හොඳම එක්දින පන්දුයවන්නා – වනිඳු හසරංග
- 2024 වසරේ හොඳම එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා – චරිත් අසලංක
- 2024 වසරේ හොඳම ටෙස්ට් පිතිකරුවා – කමිඳු මෙන්ඩිස්
- 2024 වසරේ හොඳම ටෙස්ට් පන්දුයවන්නා – ප්‍රභාත් ජයසූරිය
- 2024 වසරේ හොඳම ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයා – දනංජය ද සිල්වා
- 2024 වසරේ හොඳම විස්සයි විස්ස පිතිකාරිණිය – චමරි අතපත්තු
- 2024 වසරේ හොඳම විස්සයි විස්ස පන්දුයවන්නිය – චමරි අතපත්තු
- 2024 වසරේ හොඳම විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
- 2024 වසරේ හොඳම එක්දින පිතිකාරිණිය – චමරි අතපත්තු
- 2024 වසරේ හොඳම එක්දින පන්දුයවන්නිය – කවීශා දිල්හාරි
- 2024 වසරේ හොඳම එක්දින තුන්ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු