ජාත්‍යන්තර පිටියට සමුදුන් ප්‍රභලයන්ට ලොව ප්‍රධානම ලීගයක නායකත්වය.. -
News

ජාත්‍යන්තර පිටියට සමුදුන් ප්‍රභලයන්ට ලොව ප්‍රධානම ලීගයක නායකත්වය..

දකුණු අප්‍රිකා කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරු හෙන්රිච් ක්ලාසන් සහ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට පසුගිය සතියේදී තීරණය කළා. එලෙසම ඕස්ට්‍රේලියා සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර එක්දින පිටියටද සමුදුන්නා.

ඒ අනුව ඔවුන් තිදෙනාම ලොව ප්‍රධානම ක්‍රිකට් ලීග් තරඟාවලියක් වන ඇමෙරිකානු මේජර් ලීග් තරඟාවලියේ කණ්ඩායම් ත්‍රිත්වයක නායකත්වයට පත්ව තිබෙනවා. ඒ අනුව නිකලස් පූරන් MI New York කණ්ඩායාමේ නායකයා ලෙසද හෙන්රිච් ක්ලාසන් Seattle Orcas කණ්ඩායමේ නාකයයා ලෙසින් සහ ග්ලේන් මැක්ස්වෙල් Washington Freedon කණ්ඩායමේ නායක ලෙසින් 2025 මේජර් ලීග් තරඟාවලියේදී කටයුතු කරනවා. 2025 මේජර් ලීග් විස්ස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ජූනි 13 වනදා සිට ජූලි 14 වනදා දක්වා කණ්ඩායම් 06 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button