කසුන් රාජිත සතුව තිබූ වාර්තාවක් අයර්ලන්ත ක්‍රීඩකයෙකු බිඳදමයි..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (15) පැවැත්වුණු අතර මෙම තරඟයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සතුව තිබූ අවමන් සහගත වාර්තාවක් බිඳදැමීමට අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Liam McCarthy සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 256 ක් රැස්කළ අතර එහිදී අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Liam McCarthy ක්‍රියාත්මක කළ පන්දුවාර 04 තුළදී ලකුණු 81 ක් උදුරාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.
මෙය වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් වරම් ලාබාසිටින රටවල් අතරින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයකදී පන්දුයවන්නෙකු සිය පන්දුවාර 04 ට ලබාදුන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර මෙම අවමන් සහගත වාර්තාව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සතුව පැවතුණු අතර 2019 දී ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින් ඔහුගේ පන්දුවාර 04 තුළදී ලකුණු 71 ක් ලබාගැනීමට සමත්ව තිබුණා.
Most runs conceded by a bowler in a T20I innings (full member countries)
- 0/81 – 🇮🇪 Liam McCarthy vs WI ( 2025 )
- 0/75 – 🇱🇰 Kasun Rajitha vs AUS ( 2019 )