ඇන්ජි අයියාගේ සමුගැනීම අපිට විශාල පාඩුවක් – කුසල් මෙන්ඩිස්.

වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ තවත් විශිෂ්ඨයෙක්ගේ අවසන් ටෙස්ට් තරඟය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.
තරඟයට පෙර, කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්ගේ මෙම සමුගැනීම සම්බන්ධයන් දක්වූයේ මෙවන් අදහසක්.
ඇන්ජි අයියව මුලින්ම හම්බවෙද්දී මට අවුරුදු 19යි. මම ගොඩක්ම ක්‍රීඩා කරලා තියන සීනියර් ප්ලේයර් තමයි ඇන්ජි අයියා. ක්‍රීඩකයෙක් විදිහට ඔහු මට ගොඩාක් උදව් කරල තියනවා. ඇත්තටම ඔහුගේ මේ සමුගැනීම අපිට ලොකු පාඩුවක් වගේම ගොඩාක් කණගාටුයි.
ඔහු මුල් කාලේ වගේ නෙමේ දැන් අපිත් එක්ක හොඳට කතා කරලා විහිලු කරලා ඉන්නවා. එයා රෑට එලියට කන්න යද්දී “මල්ලී යන්ද එලියට කන්න” කියලා කතා කරනවා. ඒක නැතිවෙද්දී ලොකු අඩුවක් දැනෙනවා.
මම ඔහු එක්ක ක්‍රීඩා කළ හොඳම ඉනිම නවසීන්තයේදී ක්‍රීඩා කළ ඉනිම. අපි දෙන්නට එම තරඟය පරාජයෙන් තොරව නිමා කිරීමට හැකිවුණා.