ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් නීති කිහිපයක් අලුත්වෙයි.. -
News

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් නීති කිහිපයක් අලුත්වෙයි..

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් වෙනස්කිරීම සඳහා ICC ය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව එක්දින තරඟ සඳහා භාවිතා කරන පන්දු දෙකේ නීතියේ සංශෝධනයක් සිදුකර ඇති අතර එහිදී නව ICC තරඟ නීතියට අනුව එක්දින ඉනිමක පන්දුවාර 34 ක් අවසන්වන තුරු පන්දු 02 ක් භාවිතා කිරීමට නියමිතයි. අනතුරුව පන්දුයවන කණ්ඩායමේ නායකයා ඇතුළු කණ්ඩායමේ අභිමතය පරිදි පන්දු දෙක අතුරින් එක් පන්දුවක් තෝරාගෙන ඉතිරි පන්දුවාර 15 ක්‍රියාත්මක කිරීමට නව නීතිය අනුව සිදුවෙනවා. එමෙන්ම වර්ශාව හෝ වෙනත් හේතුවක් මත එක්දින තරඟයක් පන්දුවාර 25 හෝ පන්දුවාර 25 ට අඩු වුවහොත් එක් ඉනිමක් සඳහා එක් පන්දුවක් පමණක් භාවිතා කීරීමටද මෙම නව නීතී සංශෝධනය මඟින් තීරණය කරතිබෙනවා.

එලෙසම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරඟ රටා තුනේදීම තරඟ ආරම්භයට පෙර සෑම කණ්ඩායමක්ම අතිරේක ක්‍රීඩකයින් 05 ස් දෙනෙකු නම්කිරීම අනිවාර්ය කරතිබෙන අතර ඊට කඩුලු රකින්නෙක්, පිතිකරුවෙක්, වේගපන්දු යවන්නෙක් , දඟපන්දු යවන්නෙක් සහ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් විය යුතු වනවා. තරඟයක් අතරතුර යම්කිසි ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව වෛද්‍ය නිර්දේශ මත ක්‍රීඩාකිරීමට නුසුදුසු තත්වයක සිටීනම් එම ක්‍රීඩකයාගේ ක්‍රීඩා විලාසයට ඔහුගේ භූමිකාවට සමාන ක්‍රීඩකයෙකු අතිරේක ක්‍රීඩකයින් අතරින් නම්කළ යුතුව තිබෙනවා.

එමෙන්ම හයේ සීමාව අසළ උඩපන්දු රැකගැනීමේ නීතියේද සංශෝධනයක් සිදුවී ඇති අතර එහිදී හතරේ සීමාව පිටතදී පන්දුව එක් වරක් පමණක් ඉහළට විසිකිරීමට හැකිවන අතර පසුව එම පන්දුව රැකගැනීමේදී ක්‍රීඩකයා හතරේ සීමාව නොඉක්මවන ලෙස සිටිය යුතු වනවා. එසේ එක්වරට වඩා හතරේ සීමාවෙන් එපිට සිට ගුවනට කිහිපවරක් පනිමින් පන්දුව ස්පර්ශ කරමින් උඩපන්දු රැකගැනීම නව ක්‍රිකට් නීතියට අනුව උඩපන්දුවක් ලෙස නොසැලකෙන අතර එය හයේ පහරක් ලෙස නම්කිරීමට නියමිතයි.

ICC ය විසින් මෙම නව ක්‍රිකට් නීතී 2025-27 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන ශ්‍රී ලංකා – බංගලදේශ ටෙස්ට් තරඟාවලියේ සිට බලපැවැත්වෙන බව ICC ය නිවේදනය කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button