2027- 29 ටෙස්ට් ශූරතා චක්‍රයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල වෙනසකට ICC ය සැරසෙයි..

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය හැර ශ්‍රී ලංකාව ප්‍රමුඛ අනෙකුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන ජාතීන් සඳහා ටෙස්ට් තරඟවල කාලසීමාව දින 04 කට සීමාකිරීමට ICC ය සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.
මෙය 2027-29 ලෝක ටෙස්ට් ශූරතාවලි චක්‍රයේ සිට ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකර ඇති අතර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වෙනුවෙන් සාමාන්‍ය පරිදි ටෙස්ට් තරඟ සඳහා දින 05 ක කාලසීමාවක් ලබාදීමට නියමිත බව වාර්තාවෙනවා.
ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය අතරතුර සාකච්ඡාවලදී ICC සභාපති ජේයි ශා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එහි අරමුණ ලෙසින් ඔහු පෙන්වාදී තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සුළු ජාතීන්ට වැඩි ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩාකිරීමට අවස්තාව සලසාදීමයි. කෙසේනමුත් දැනට ක්‍රියාත්මක වන 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලි චක්‍රය සමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.