මහේලගේ කෝචී ටස්කර්ස් කණ්ඩායමට ඉන්දීය රු. කෝටි 539 ක දැවැන්ත වන්දියක්.. -
News

මහේලගේ කෝචී ටස්කර්ස් කණ්ඩායමට ඉන්දීය රු. කෝටි 539 ක දැවැන්ත වන්දියක්..

තිසර පෙරේරා, මුත්තයියා මුරලිදරන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ද නියෝජනය කළ ශ්‍රි ලංකා සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන නායකත්වය ද දැරූ කෝචී ටස්කර්ස් කේරළ කණ්ඩායමේ IPL සාමාජිකත්වය 2011 වසරේදී අත්හිටුවීමට එරෙහිව එම කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ ආයතන සහ පාර්ශ්වයන් විසින් සිදුකළ නීතිමය කටයුතුවලට අදාළ තීන්දුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව 2011 වසරේදි කෝචී ටස්කර්ස් කණ්ඩායමේ IPL සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් කෝචී ක්‍රිකට් පුද්ගලික සමාඟමට (KCPL) ඉන්දීය රුපියල් කෝටි 385.5 ක් සහ Rendezvous Sports World (RSW) සමාඟමට ඉන්දීය රුපියල් කෝටි 153.34 ක් ගෙවන ලෙසට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) වෙත බොම්බේ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

KCPL සහ RSW සමාඟම් සතුව තිබූ කෝචි ෆ්‍රැන්චයිස් කණ්ඩායම 2011 වසරේදි IPL තරඟාවලියේ එක් වාරයක් ක්‍රීඩාකළ අතර 2011 සැප්තැම්බර් මාසයේදී නියමිත කාල සීමාව තුළ බැංකු ඇපකරයක් ලබාදීමට අපොහොසත් වීමෙන් ගිවිසුමේ නියමයක් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් BCCI විසින් කෝචී ෆ්‍රැන්චයිස් කණ්ඩායම අහෝසි කිරීමට කටයුතු කළා.

පසුව දෙපාර්ශවයම නඩු කටයුතු වල සම්බණ්ධ වූ අතර වසර ගණනාවක අධිකරණ කටයුතු වලින් අනතුරුව බේරුම්කරණ නඩුවට අදාළ තීන්දුව ලබාදී තිබෙනවා. බොම්බේ මහාධිකරණය විසින් මෙම වන්දි මුදල ගෙවන ලෙසට BCCI වෙත නියෝග කර තිබෙන අතර අභියාචනා ගොනුකිරීම සඳහා BCCI වෙත සති 06 ක කාලයක් ලබාදී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button