News
රෝයි ඩයස් සතුව තිබූ පැරණි වාර්තාවක් කමිඳු මෙන්ඩිස් බිඳදමයි..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය මේවනවිට පැවැත්වෙනවා.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩාකළ බංගලදේශය ලකුණු 495 ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 485 ක් රැස්කළා. එහිදි සුපිරි ඉනිමක් දියත්කළ පැතුම් නිශ්ශංක ලකුණු 187 ක් රැස්කළ අතර සිය පස්වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තාකළ කමිඳු මෙන්ඩිස් ලකුණු 87 ක් වාර්තා කළා.
එහිදී කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිටියේ ලකුණු 50+ ඉනිම් 10 ක් වාර්තාකළ වේගවත්ම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට සමත්වුණා. ඒ සඳහා ඔහුට වැයවුණේ ඉනිම් 22 ක් පමණයි. මීට පෙර මෙම වාර්තාව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රෝයි ඩයස් සතුව පැවතුණු අතර ඒ සඳහා ඔහුට ඉනිම් 23 ක් වැයවී තිබුණා.
ටෙස්ට් පිටියේ අඩුම ඉනිම් ගණනකින් ලකුණු 50+ ඉනිම් 10 ක් වාර්තාකළ ශ්‍රී ලංකා පිතිකරුවන්
- Kamindu Mendis – 22 Innings *
- Roy Dias – 23 Innings
- Duleep Mendis – 26 Innings
- Kumar Sangakkara – 29 Innings