නායක්වය දරන පළමු ටෙස්ට් තරඟයේම අයි.සී.සී නීති කැඩූ බවට ශුබ්මන් ගිල්ට චෝදනා.. -
News

නායක්වය දරන පළමු ටෙස්ට් තරඟයේම අයි.සී.සී නීති කැඩූ බවට ශුබ්මන් ගිල්ට චෝදනා..

ඉන්දියා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ පිතිකරණයේ යෙදෙන අවස්ථාවේ කළු පැහැති මේස් පැළද ක්‍රීඩා කිරීම මගින් අයි.සී.සී ඇඳුම් හා උපකරණ නීති කඩ කිරීම නිසා ඉන්දීය නායක ශුබ්මන් ගිල් හට දඩයක් නියම වීමේ හැකියාවක් පවතින බව වාර්තාවෙනවා.

ICC ඇදුම් සහ උපකරණ වලට අදාළ නීති පද්ධතියේ 19.45 කොටසට අනුව ජාත්‍යන්තර තරගවල , ටෙස්ට් තරඟ සඳහා සුදු , ක්‍රීම් පැහැය හෝ ලා අළු පැහැයෙන් යුත් මේස් පැළදීමට පමණක් අවසර හිමිව තිබෙනවා.

මෙය ශුබ්මන් ගිල් විසින් උවමනාවෙන්ම කරන ලද (Deliberate) 1 මට්ටමේ වරදක් බවට තීරණය වුවහොත් ගිල් හට 10% ක 20% දඩ මුදලකට යටත් වීමට සිදු විය හැකි අතර කෙසේ නමුත් පළමු දිනයෙන් පසු ගිල් සුදු පැහැති මේස් පැළද ක්‍රීඩා කරන ආකාරය දැකගැනීමට ලැබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button