News
බංග්ලාදේශය සමඟ දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්..

2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 02 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය ජූනි 25 ස් වනදා සිට ජූනි 29 වනදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් අතර අබාධයකට ලක්වීම හේතුවෙන් තුන්ඉරියව් වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකටද දෙවන ටෙස්ට් තරඟය අහිමි වී තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට තුන්ඉරියව් දඟපන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.
වෙනස්කම් වලින් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න. 👇
- දනංජය ද සිල්වා ( C )
- පැතුම් නිස්ශංක
- ඔශද ප්‍රනාන්දු
- ලහිරු උදාර
- දිනේශ් චන්දිමාල්
- කුසල් මෙන්ඩිස්
- කමිඳු මෙන්ඩිස්
- පසිඳු සූරියබණ්ඩාර
- සොනාල් දිනූෂ
- පවන් රත්නායක
- දුනිත් වෙල්ලාලගේ
- ප්‍රභාත් ජයසූරිය
- තරිඳු රත්නායක
- අකිල දනංජය
- අසිත ප්‍රනාන්දු
- විශ්ව ප්‍රනාන්දු
- කසුන් රාජිත
- ඉශිත විජේසුන්දර