බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය ජූලි 02, 05, 08 දිනවල කොළඹ R. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයිතිය Voice of Asia මාධ්‍ය ජාලයට අයත් සියත TV නාලිකාව විසින් ලබාගෙන තිබෙන අතර සියත TV ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.
Dialog TV සහ Peo TV පාරිභෝගිකයන්ට Sony Sports 2 , Sony Sports 2 HD සහ Ten Cricket නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා. එලෙසම ඩිජිටල් මාධ්‍ය ඔස්සෙ Dialog VIU App එක හරාහා තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ යූටියුබ් නාලිකාව ( Sri Lanka Cricket Official Youtube Channel ) හරහාද තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සජීවීව නැරඹිය හැකියි.