News
” Captain Cool ” අන්වර්ථ නාමය වෙළෙඳ සලකුණක් බවට පත්වෙයි..

හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණිගේ ” Captain Cool ” යන අන්වර්ථ නාමය වෙළෙඳ ලකුණක් ලෙස ලියාපදිංචි කිරීමට අයදුම්කර තිබෙන බව වාර්තාවෙනවා. මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයේ සංසුන් බව හා සංයමය හේතුවෙන් Captain Cool යන නාමය ක්‍රීඩා ලෝලින් අතර ප්‍රසිද්ධියට පත්වුණා.
දෝණිගේ මෙම අන්වර්ථ නාමය සඳහා විශේෂ අයිතියක් ලබා ගැනීමේ අරමුණෙන් පසුගිය ජූනි මාසයේ වෙළෙඳ සලකුණු ලියාපදිංචිය සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම් කරඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා.
මහේන්ද්‍ර සිං දෝණිට පෙර අතීතයේදී ” Captain Cool ” යන අන්වර්ථ නාමය, 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග සතුවද පැවතුණා.