ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් බංග්ලාදේශයෙන් ප්‍රභල සංචිතයක්.. -
News

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් බංග්ලාදේශයෙන් ප්‍රභල සංචිතයක්..

ජූලි 10 වනදා සිට ජූලි 16 වනදා දක්වා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය නිවේදනය කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම මෙම තරඟාවලියට ලිට්න් දාස්ගේ නායකත්වය යටතේ මුහුණදෙන අතර තව්හිද් රිදෝයි, රිශාද් හොසේන් , මුස්ටෆිශුර් රහ්මන්, ටස්කින් අහ්මඩ්, මෙහෙදි හසන් මිරාස් වැනි ප්‍රභල ක්‍රීඩකයින් රැසක් බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතයට ඇතුළත්ව සිටිනවා. කෙසේවෙතත් හිටපු නිත්‍ය නායක නජ්මුල් හොසේන් සන්ටු ට විස්සයි විස්ස කණ්ඩායමේ ස්තානය අහිමිවී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය මෙන්න. 👇

  • Litton Kumer Das ( C )
  • Tanzid Hasan Tamim
  • Parvez Hossain Emon
  • Mahommad Naim Sheikh
  • Mehidy Hasan Miraz
  • Tawhid Hridoy
  • Shamim Hossain
  • Jaker Ali Anik
  • Rishad Hossain
  • Mehedi Hasan
  • Nasum Ahmed
  • Mustafiz Rahman
  • Taskin Ahmed
  • Soriful Islam
  • Md Saifuddin
  • Tanzim Hasan Shakib

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button