News
තිලකරත්න දිල්ශාන් අභිබවා යමින් පැතුම්ගෙන් නව විස්සයි විස්ස වාර්තාවක්..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ඊයෙ (10) පැවැත්වුණු අතර කඩුලු 07 ක විශිස්ට ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම තරඟයේදී පන්දු 16 ක් තුළ වේගවත් ඉනිමක් දියත්කරමින් ලකුණු 42 ක් වාර්තාකිරීමට පැතුම් නිස්ශංක සමත්වූ අතර මෙම ඉනිමත් සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණුලාභී ආරම්භක පිතිකරුවා බවට පත්වීමට පැතුම් සමත්වුණා. මේ වන විට පැතුම් නිශ්ශංක, විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1776 කට හිම්කම් කියන අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ලකුණු 1720 කට හිමිකම් කියන හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් වේ.