Video
අඩුම පන්දු ගණනකින් කඩුලු 5ක්. ස්ටාර්ක්ගෙන් ලෝක වාර්තාවක්. (Video)

ඕස්ටේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේදී වාර්තාගත පන්දු යැවීමක නිරත වීමට මිචෙල් ස්ටාර්ක් සමත්වුණා.
ලකුණු 203ක ජයග්‍රාහීව ඉලක්කයක් හඹායන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක කඩුලු 5 දවාගනිමින්, ටෙස්ට් පිටියේ අවම පන්දු සංඛ්‍යාවකින් කඩුලු 5ක් දවාගත් පන්දු යවන්නා බවට පත්වීමට ස්ටාර්ක් සමත්වුණා. ඒ පන්දු 15කින්.

ස්ටාර්ක් පලමු පන්දු වාරයේදීම කඩුලු 3ක් බිඳ දැමූ අතර, තෙවන පන්දුවාරයේදී කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා. ඒ සමඟින් ඔහු ටෙස්ට් පිටියේ කඩුලු 400 සීමාව ද පසුකර යාමට සමත්වූයේ ඕස්ටේලියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 400ක් දවාගත් දෙවෙනි වේගපන්දු යවන්නා වෙමින්.
ස්ටාර්ක් ලබාගත් ආරම්භක කඩුලු 5 වීඩියෝ එක මෙන්න.