2025 LPL තරඟාවලියට දින නියමවෙයි.. -
News

2025 LPL තරඟාවලියට දින නියමවෙයි..

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 06 වන අදියර 2025 ජූලි සහ අගෝස්තු මාසවලදි පැවැත්වීමට නියමිතව තිබුණත් තරඟාවලිය කල් දැමීමට තීරණය කෙරුණා. කල්දැමුණු 2025 LPL තරඟාවලිය මෙම වසරේ නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමට දින නියම වී ඇති අතර 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පුහුණුවක් ලබාගැනීමේ අරමුණෙන් LPL තරඟාවලිය වසර අවසානයේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තාවෙන්නේ.

2025 LPL තරඟාවලිය කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුළදී පැවැත්වීමට නියමිත අතර මෙවර තරඟාවලිය වෙනුවෙන් නව කණ්ඩායමක්ද එක්වීමට නියමිත බව වාර්තාවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button