ජාතික විස්සයි විස්ස සංචිතය තේරීම වෙනුවෙන් දේශීය තුන්කොන් තරඟාවලියක්.. -
News

ජාතික විස්සයි විස්ස සංචිතය තේරීම වෙනුවෙන් දේශීය තුන්කොන් තරඟාවලියක්..

එළඹෙන සිම්බාබ්වේ සංචාරය, ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය යන තරඟාවලි ත්‍රිත්වය සඳහා ශ්‍රී ලංකා සංචිත තේරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, SLC T20 League නමින් විස්සයි විස්ස තරඟාවලියක් සංවිධානය කර තිබෙනවා. තරඟාවලිය අගෝස්තු 07 වනදා සිට අගෝස්‍තු 16 වනදා තෙක් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය සඳහා කණ්ඩායම් 03 ක් එක්වන අතර මෙම කණ්ඩායම් Blues , Greens සහ Greys ලෙසින් නම්කර තිබෙනවා. කණ්ඩායම්වල නායකයින් ලෙසින් චරිත් අසලංක ( Greys ), කමිඳු මෙන්ඩිස් ( Greens ) සහ දුනිත් වෙල්ලාලගේ ( Blues ) කටයුතු කරනවා. තරඟාවලියේ කාලසටහන සහ කණ්ඩායම්වලට ක්‍රීඩාකරන සංචිතද මේවනවිට නිවේදනය කර තිබෙනවා.

SLC T20 League තරඟ කාලසටහන.

කණ්ඩායම් 03, නියෝජනය කරන සංචිත මෙන්න. 👇

Team Grey ⚫Team Green 🟢Team Blue 🔵
• Charith Asalanka ( C )
• Dinesh Chandimal
• Niroshan Dickwella ( WK )
• Lahiru Udara
• Nuwanindu Fernando
• Ramesh Mendis
• Chamindu Wickramasinghe
• Vijayakanth Viyaskanth
• Maheesh Theekshana
• Eshan Malinga
• Binura Fernando
• Garuka Sankeeth
• Movin Subasinghe
• Milan Rathnayake
• Melan Hansaka
• Sahan Arachchi
• Shevon Daniel
• Sineth Jayawardena
• Kamindu Mendis ( C )
• Kusal Mendis ( WK )
• Lasith Croospulle
• Sadeera Samarawickrama
• Bhanuka Rajapaksha
• Pavan Rathnayake
• Sonal Dinusha
• Chamika Karunarathne
• Dushan Hemantha
• Traveen Mathew
• Nuwan Thushara
• Dushmantha Chameera
• Pramod Madushan
• Janith Liyanage
• Dulaj Samuditha
• Tharindu Ratnayake
• Nimesh Wimukthi
• Kamil Mishara
• Lahiru Madushanka
• Dunith Wellalage ( C )
• Pathum Nissanka
• Vishen Halabage
• Kusal Perera
• Dhananjaya De Silva
• Ahan Wickramasinghe
• Dasun Shanaka
• Jeffrey Vandersay
• Akila Dhananjaya
• Matheesha Pathirana
• Asitha Fernando
• Dilshan Madushanka
• Lilan Rangana
• Mohamad Shiraz
• Ravindu Fernando
• Ashen Bandara
• Nishan Madushka ( WK )
• Senitha Halabage

ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරඟ විකාශන අයිතිය ලබාදුන් Talent TV නාලිකාව ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර ඩිජිටල් මාධ්‍ය ඔස්සේ Talent TV වෙබ් අඩවියෙන් සහ Sri Lanka Cricket නිළ YouTube චැනලයෙන්ද තරඟාවලිය නැරඹීමට හැකියාව පවතිනවා.

Talent TV නැරඹිය හැකි රූපවාහිනී සංඛ්‍යාත

  • 🗼UHF 22 (479.25 MHz) – කොළඹ
  • 🗼UHF 28 (527.25 MHz) – ගොන්ගල
  • 🗼UHF 47 (679.25 MHz) – පිදුරුතලාගල
  • 🗼UHF 32 (559.25 MHz) – කරගහතැන්න
  • 🗼UHF 56 (751.25 MHz) – මිනුවන්ගල

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button