මහේලගේ වාර්තාවක් එංගලන්ත සුපිරි ක්‍රීඩක ජෝ රූට් බිඳදමයි.. -
News

මහේලගේ වාර්තාවක් එංගලන්ත සුපිරි ක්‍රීඩක ජෝ රූට් බිඳදමයි..

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර තෙන්දුල්කාර් – ඇන්ඩර්සන් කුසලාන තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟයේදී සිය 39 වන ටෙස්ට් ශතකය වාර්තාකිරීමට ජෝ රූට් සමත්වුණා. එම ශතකයත් සමඟින් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරව අභිබවා යමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වන වැඩිම ශතකලාභියා බවට පත්වීමටද රූට් සමත්වුණා.

එලෙසම මෙම ශතකය ජෝ රූට්, සිය මව්බිමේදී රැස්කළ 24 වන ශතකය වන අතර ඔහු වාර්තා අතරට එක්වුණේ සිය මව්රට තුළදී ලොව වැඩිම ටෙස්ට් ශතක ගණනක් රැස්කළ පිතිකරුවා ලෙසින්. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිවේ ටෙස්ට් ඉනිම් 129 කදී මව්බිම තුළදී ටෙස්ට් ශතක 23 ක් වාර්තාකර තිබූ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනයි.

සිය මව්බිම තුළදී වැඩිම ටෙස්ට් ශතකලාභීන්

  • Joe Root – 24 Centuries ( 147 Innings ) *
  • Mahela Jayawardena – 23 Centuries ( 129 Innings )
  • Jacques Kallis – 23 Centuries
  • Ricky Ponting – 23 Centuries

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button