OnlyFans සමඟින් එක්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා එංගලන්තයෙන්..

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටයිමල් මිල්ස්, OnlyFans ගිණුමක් ආරම්භ කළ පළමු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.
” 100 ට 1000 ක් පැහැදිලිව කිව්වොත් ලොකු දෙයක් නෑ.. මේ සියල්ල ක්‍රිකට් සහ ජීවන රටාව ගෙනයි.. මම ඒ ගැන කුතුහලයෙන් ඉන්නෙ.. “ යනුවෙන් මේ පිළිබඳව මිල්ස් අදහස් දක්වා තිබෙනවා.
විස්සයි විස්ස තරඟ රටාව තුළ විශිස්ට පන්දුයවන්නෙකු වන මිල්ස් වැනි ක්‍රීඩකයෙකු වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයක් සහිත ප්‍රසිද්ධ වේදිකාවක් සමඟ එක්වීම බොහෝදෙනාගේ අවධානය දිනාගත් පුවතක් වී තිබෙනවා.
කෙසේවෙතත් ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් පවසා තිබෙන්නේ මෙම වේදිකාව සිය රසිකයන් සම්බන්ඩ වීමට සෘජු මාර්ගයක් ලබාදෙන බවයි.
” රසිකයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට මෙය මාර්ගයක්.. ක්‍රීඩයින් තරඟවලට පෙර සහ පසු මාධ්‍යවලට කතා කරනවා. නමුත් එය සාමාන්‍ය දෙයක්.. මම සිතන දේ ගැන කතාකිරීමට සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජීවිතයේ හොඳ සහ නරක නිරූපණය කිරීමට දර්ශණ සහ රූප භාවිතා කිරීමට මෙම වේදිකාව භාවිතා කළ හැකියි. මේ සඳහා මම රසිකයන්ට මිලක් නියම කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නෑ නමුත් ඇතැම් අන්තර්ගත කොටස් සඳහා ගෙවීමක් සිදුකිරීමට සිදුවනු ඇත.. “ යනුවෙන් ඔහු වැඩිදුරටත් මේ පිළිබඳව අදහස් දක්වා තිබුණා.