News
ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වෙයි.

එළඹෙන 29 වෙනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර, එක්දින් තරඟ දෙකකින් හ විස්සයි විස්ස තරඟ තුනකින් යුත් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් සඳහා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද සහභාගී ඇති බවට අද, (19) ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා.
එහිදී ලසිත් මාලිංග, සංචිතයේ වේගපන්දු යවන්නන් සමඟින් තම අත්දැකීම් බෙදාගෙන ඇති අතර, ලසිත් මාලිංගගේ අධීක්ෂණය හමුවේ ඔවුන්ට මනා පුහුණුව ද ලබාගෙන තිබෙනවා.
මීට පෙරද, වේගපන්දු යවන පුහුණුකරුවෙක් ලෙස කිහිපවතාවක්ම ලසිත් මාලිංග, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් කටයුතු කර තිබෙනවා.



