News
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලිය වෙනුවෙන් සිම්බාබ්වේ සංචිතය නම්කරයි..

තරඟ දෙකකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරඟාවලියට එක්වන සිම්බාබ්වේ සංචිතය නිවේදනය කරතිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය ක්‍රේග් අර්වයින්ට හිමිවී ඇති අතර සිකන්දර් රාසා, රිචඩ් එන්ගර්වා, බ්ලෙසින් මුසරබානි, ශීන් විලියම්ස් වැනි ප්‍රභල ක්‍රීඩකයින් රැසක් සංචිතයට ඇතුළත්ව සිටිනවා. තරඟ තහනමින් අනතුරුව වසර 03 හාමාරකට පසුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර්ද මෙම සංචිතයට නම්කර තිබෙනවා.
සිම්බාබ්වේ එක්දින සංචිතය මෙන්න.
- Craig Ervine (Captain)
- Brian Bennett
- Johnathan Campbell
- Ben Curran
- Brad Evans
- Trevor Gwandu
- Wessly Madhevere
- Clive Madande
- Ernest Masuku
- Tony Munyonga
- Blessing Muzarabani
- Richard Ngarava
- Newman Nyamhuri
- Sikandar Raza
- Brendan Taylor
- Sean Williams