හිටපු එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන්ගෙන් ක්‍රිකට් උඩුයටිකුරු කරන යෝජනාවක්.. -
News

හිටපු එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන්ගෙන් ක්‍රිකට් උඩුයටිකුරු කරන යෝජනාවක්..

ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු ලබාගැනීම සම්බන්ධව හිටපු එංගලන්ත සුපිරි ක්‍රීඩක කෙවින් පීටර්සන් ආන්දෝලනාත්මක යෝජනාවක් සිදුකර තිබෙනවා.

සිය නිළ X ගිණුමේ සටහනක් තබමින් ඔහු යෝජනා කර තිබෙන්නේ පිතිකරුවෙකු මීටර් 100 ට වඩා දුරට හයේ පහරක් එල්ල කරන්නේ නම් ඒ සඳහා ලකුණු 12 ලබාදිය යුතු බවයි. එසේ සිදුකළහොත් එවිට වැඩි පිතිකරුවන් ප්‍රමාණයක් මීටර් 100 ට වඩා දැවැන්ත හයේ පහරවල් ලබාගැනීමට උත්සහා කරන අතර, එවිට වැඩි විනෝදාස්වාදයක් ද ලැබෙනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ..

මෙම යෝජනාව සඳහා ප්‍රේක්ෂකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඇතැමුන් ඊට කැමැත්ත පලකර ඇති අතර පිරිසක් එය ප්‍රායෝගික නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම යෝජනාව හාස්‍යට ලක්කරමින් එක් ප්‍රේක්ශකයෙක් පවසා තිබෙන්නේ ප්‍රේක්ශකාගාරය විසින් උඩපන්දුක් රැකගත් විට එය දැවීයාමක් ලෙස නම්කරන ලෙසයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button