News
හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් වන සනත් සහ තරංග අභිබවා යමින් පැතුම්ගෙන් නව වාර්තාවක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින තරඟයේදී සුපිරි ඉනිමක් දියත්කරමින් එක්දින ජාත්‍යන්තර පිටියේ සිය 07 වන ශතකය වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත්වුණා.
ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර පිටියේ ශතක 07 වාර්තා කිරීමට අඩුම ඉනිම් ගණනක් වැයකළ පිතිකරුවා ලෙසයි. ඒ සඳහා පැතුම්ට ඉනිම් 71 ක් පමණක් වැයවූ අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 82 ක් තුළ එක්දින ශතක 07 ක් වාර්තා කිරීමට සමත්වූ හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංගයි.
Fastest Sri Lankan 🇱🇰 player to completed 7 hundreds in ODIs.
- Pathum Nissanka – 71 innings *
- Upul Tharanga – 82 innings
- Sanath Jayasuriya – 142 innings
- TM Dilshan – 156 innings
- Marvan Atapattu – 168 innings