News
ශ්‍රී ලංකා කණ්ඩායමට ICC යෙන් දඩ..

පසුගිය ඉරිදා හරාරේ හිදී පැවති සිම්බාබ්වේට එරෙහිව දෙවන එක්දින තරගයේදී මන්දගාමී ඕවර අනුපාතයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 5% ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
තරඟයට වෙන්කළ කාල සීමාව සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකාව නියමිත කාලයට වඩා එක් පන්දුවාරයක් පසුපසින් සිටි බව තීරණය කිරීමෙන් පසු එමිරේට්ස් ICC තරඟ තීරක මණ්ඩලයේ ජෙෆ් ක්‍රෝව් මෙම විසින් මෙම දඬුවම පනවා තිබෙනවා. නායක චරිත් අසලංක වරද පිළිගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් 5% ක දඩයක් ගෙවීමට සිදුවෙනවා.