News
හයිදර් අලී සියලු චෝදනාවලින් නිදොස් වෙයි..

පාකිස්තාන A කණ්ඩායම සමඟින් තරඟ සංචාරයක යෙදී සිටි පාකිස්තාන යොවුන් ක්‍රීඩක හයිදර් අලීව පසුගිය මාසයේදී එංගලන්තයේ ග්‍රේට් මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඒ ස්ත්‍රී දූශණ චෝදනාවක් සම්බන්ධයෙන් පාකිස්තාන සම්භවයක් සහිත ගැහැණු ළමයෙකු සිදුකළ පැමිණිල්ලක් මතයි.
ඒ අනුව කාන්තා දුශණයක් සම්බන්ධව සැකකරුවෙක් ලෙසින් අත්අඩංගුවට ගත් පාකිස්තාන ක්‍රීඩක හයිදර් අලී සම්බන්ධ පැමිණිල්ලට අදාළ සියලු විමර්ශණ අවසන් කර ඇති අතර ඔහුට එරෙහිව එල්ලවූ සියලු චෝදනා වලින් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ අනුව ඇප මත එංගලන්තයේ රැඳීසිටීමට සිදුවූ හයිදර් අලී හට එංගලන්තයෙන් පිටත්වීමටද අවසර ලැබී තිබෙනවා.