හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් අභිබවා යමින් පැතුම්ගෙන් නව වාර්තාවක්.. -
News

හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් අභිබවා යමින් පැතුම්ගෙන් නව වාර්තාවක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟයේදී සිය 15 ස් වන විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තාකිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා.

මෙය පැතුම්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස හඹායාමකදී වාර්තා කළ 08 වන අර්ධ ශතකය වන අතර ඔහු වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ හඹායාමකදී වැඩිම අර්ධ ශතක ගණනක් වාර්තාකළ පිතිකරුවා ලෙසයි. විස්සයි විස්ස හඹායාම්වලදී අර්ධ ශතක 07 බැඟින් වාර්තාකර තිබූ තිලකරත්න දිල්ශාන් සහ කුසල් මෙන්ඩිස් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවා.

🇱🇰 Most fifties for Sri Lanka while chasing in T20Is. ⭐

  • Pathum Nissanka – 8*
  • TM Dilshan – 7
  • Kusal Mendis – 7
  • Kusal Janith Perera – 6

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button