සනත්ගේ මන්තරගුරුකම් මඟින් ශ්‍රී ලංකාව තරඟ ජයග්‍රහණය කරනවා. -
News

සනත්ගේ මන්තරගුරුකම් මඟින් ශ්‍රී ලංකාව තරඟ ජයග්‍රහණය කරනවා.

කිසියම් පිරිසක් විසින් වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරු වන සනත් ජයසූරියට එරෙහිව චෝදනාවක් කර මහ කොමසාරිස් කාර්යයාල වෙත ලිපියක් යවා ඇති බවට, යූටියුබ් හි ක්‍රීඩා නාළිකාවක් පවත්වාගෙන යන Cric vidu පවසනවා.

Crick vidu පවසන පරිදි එම ලිපියේ සඳහන් වන්නේ, සනත් ජයසූරිය මන්තර ගුරුකම් භාවිතා කරමින් තරඟ ජයග්‍රහණය කරන බවට චෝදනා කළ ඇති බවයි.

“සනත් ජයසූරිය, මතුරවපු ලුණු කුඩු මාතරින් ගෙනවිත්, ප්‍රතිවාදී කණ්ඩායම් වල ඩ්‍රෙසින් රූම් ඉදිරියේ ඉසලා අයථා ක්‍රම වලින් මන්තර ගුරුකම් වලින් තරඟ ජයගන්නවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට කවදාවත් එංගලන්තයේදී ඔවුන්ව පරාජය කරන්නවත්, ඉන්දියාවට එරෙහිව තරඟාවලි ජය ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔහුට එරෙහිව පරීක්ෂණයක් කරලා ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය තහනම් කරන්න”

යනුවෙන් සඳහන් කරමින් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රබලතම රටවල් කිහිපයක ශ්‍රී ලංකාවේ ඇති මහ කොමසාරිස් කාර්යාල වලට ලිපියක් යොමු කර තිබෙනවා.”

Source | Vidu (Cric vidu – Youtube)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button