ආසියානු කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.. -
News

ආසියානු කුසලාන තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න..

2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා තෙක් එක්සන් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් 13, 15, 18 දිනවල ශ්‍රී ලංකාව මූලික වටයේ තරඟවලට සහභාගී වෙනවා.

2027 වසර අවසානය තෙක් සියලුම ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරඟාවලිවල නිළ දේශීය විකාශණ අයිතිය ලබාගත් MTV මාධ්‍ය ජාලයේ TV 1 නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට මෙවර ආසියානු කුසලානය නැරඹීමේ අවස්තාව උදාවෙනවා.

සිරස TV1 නාලිකාව නැරඹිය හැකි සංඛ්‍යාත.

  • කොළඹ – UHF 58 (767.25 MHz)
  • ගොන්ගල – UHF 53 (727.25 MHz)
  • ගම්මඩුව – UHF 53 (727.25 MHz)
  • හුන්නස්ගිරිය – UHF 51 (711.25 MHz)
  • නමුනුකුළ – UHF 58 (767.25 MHz)
  • මිනුවන්ගල – UHF 54 (735.25 MHz)
  • නුවරඑළිය – UHF 59 (775.25 MHz)
  • නුවරඑළිය – UHF 29 (535.25 MHz)
  • මතුගම – UHF 53 (727.25 MHz)
  • කිලිනොච්චිය – UHF 34 (575.25 MHz)

Dialog TV පාරිභෝගිකයන්ට Sony Sports 1 ( Ch No. 64 ) , Ten Cricket ( Ch No. 65 ), Sony Sports 5 HD ( Ch No. 124 ) ඔස්සේ සහ Peo TV පාරිභෝගිකයන්ට Sony Sports 1 ( SD – Ch No. 38 , HD – Ch No. 320 ) , Sony Sports 5 ( SD – Ch No. 37 , HD – Ch No. 318 ) , Ten Cricket ( SD – Ch No. 44 , HD – Ch No. 317 ) හරහා ආසියානු කුසලානය සජීවීව නැරඹිමට හැකියාව පවතිනවා.

ඩිජිටල් මාධ්‍ය ඔස්ස් sirasatv.lk වෙබ්අඩවිය හරහා සහ Dialog Viu+ App හරහාද ආසියානු කුසලානය නැරඹීමේ හැකියාව පවතිනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button