කමිල් මිශාර, පැතුම්, කුසල් ජනිත් සහ චමීර වාර්තා රැසක් අලුත් කරයි.. -
News

කමිල් මිශාර, පැතුම්, කුසල් ජනිත් සහ චමීර වාර්තා රැසක් අලුත් කරයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 08 ක විශිස්ට ජයක් වාර්තාකරමින් තරඟාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා ඉනිමේදී කමිල් මිෂාර සහ කුසල් පෙරේරා ලකුණු 117ක වාර්තාගත සබදතාවයක් ගොඩනගන්නට සමත් වුණු අතර එය වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ තුන්වන කඩුල්ල සඳහා වන ඉහළම ලකුණු සබදතාවය ලෙසයි. මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ තෙවන කඩුල්ල වෙනුවන් ලකුණු 96ක් රැස්කොට සිටි කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රමයි.

එලෙසම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරඟයේදී විස්ස විස්ස ජාත්‍යන්තර පිටියේ 04 රේ පහරවල් 200 ක් සම්පූර්ණ කිරීමට සමත්වුණා. ඒ අනුව පැතුම් වාර්තා අතරට එක්වුණේ අඩුම ඉනිම් ගණනකින් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හතරේ පහර 200 සම්පූර්ණ කළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසයි. ඒ සඳහා පැතුම්ට වැයවී තිබුණ් ඉනිම් 67 ක් පමණයි. මීටපෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 73 කදී මෙම කඩයිම පසුකළ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශානුයි.

  • Pathum Nissanka – 67 innings *
  • TM Dilshan – 73 innings
  • Kusal Perera – 77 innings

තරඟාවලියේ වීරයා ලෙසින් තරඟාවලිය පුරාවට කඩුලු 08 ක් බිඳදැමූ දුශ්මන්ත චමීර, සම්මාන දිනාගත් අතර ඔහු වාර්තා අතරට එක්වුණේ මව්බිමෙන් පිටත ද්වීපාර්ශ්වික විස්සයි විස්ස තරඟාවලියකදී වැඩිම කඩුලු ගණනක් බිඳදැමූ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා ලෙසයි. මීට පෙර 2019 දී පාකිස්තානයට එරෙහිව විස්ස විස්ස තරඟාවලියකදී කඩුලු 07 ක් බිඳදමා තිබූ නුවන් ප්‍රදීප් මෙම වාර්තාවට හිමිකම් කීවා.

  • 8 wickets – Chameera vs ZIM, 2025
  • 7 wickets – Nuwan Pradeep vs PAK, 2019

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button