2026 විස්සයි විස්ස ලෝක කුසලානය පෙබරවාරි 07 සිට.. අවසන් මහා තරඟය කොළඹදී ?.. -
News

2026 විස්සයි විස්ස ලෝක කුසලානය පෙබරවාරි 07 සිට.. අවසන් මහා තරඟය කොළඹදී ?..

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි මස 07 වනදා සිට ආරම්භ වීමට නියමිත බවට EspnCricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

කණ්ඩායම් 20ක් තරඟ වදින මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියේ අවසන් මහා තරඟය මාර්තු මස 8 වනදා පැවැත්වීමට නියමිත අතර ඉන්දියාවේ ක්‍රීඩාංගණ 05 ක සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 02 කදී තරඟ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

තරගාවලියේ අවසන් මහා තරඟය අහමදාබාද් හෝ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පාකිස්තානය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම අනුව එය තීරණය වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button