News
සුපිරි පිතිකරු පැතුම් නිස්සංකගෙන් සුපිරි වාර්තාවක්..

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ මුහුණදුන් පළමු තරඟයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 06 විශිස්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම තරඟයේදී සුපිරි පිතිකරු පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණු අතර විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ලකුණු 2000 සේ කඩයිම පසුකිරීමටද පැතුම් සමත්වුණා.
ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ලකුණු 2000 සේ කඩයිම පසුකළ වේගවත්ම ක්‍රීඩකයා ලෙසයි. එලෙසම එක්දින ජාත්‍යන්තර පිටියේද වේගවත්ම ලකුණු 2000 ස වාර්තා කළ වේගවත්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේද පැතුම් නිස්සංකයි. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින සහ විස්සයි විස්ස ලකුණු 2000 සේ සුපිරි වාර්තාවේ හිමිකරුවා බවට පත්වීමට පැතුම් සමත්වුණා