පාකිස්තානය ආසියානු කුසලානයෙන් ඉවත්වෙයි ?..

මෙවර ආසියානු කුසලානයේ ‘A’ කාණ්ඩයේ පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් අතර තරඟය අද (17) රාත්‍රී 08.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් තරඟයට තවත් පැයකට අඩු කාලයක් තිබියදීවත් පාකිස්තාන කණ්ඩායම ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත පැමිණ නොමැති බව වාර්තාවෙනවා.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය ආසියානු කුසලානයේ මූලික වටයේ අවසන් තරඟයට සහභාගී නොවන බවයි. ආන්දෝලනාත්මක ” අතට අත නොදීමේ සිදුවීම ” මත තරඟ තීරක ඇන්ඩ්‍රි ෆ්‍රයිකොෆ්ට් ඉවත්නොකළහොත් පාකිස්තානය තරඟාවලිය වර්ජනය කරන බවට අනතුරු හැඟවූ අතර කෙසේවෙතත් මේ දක්වා තරඟය වර්ජනය කරන බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිළ නිවේදනයක් නිකුත්කර නෑ.
පාකිස්තාන කණ්ඩායම තරඟය වර්ජනය කළහොත් මේ වනවිට ‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්තානයේ පසුවන එක්සත් අරාබි එමීර් කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්තාව හිමිවෙනවා.