ශ්‍රි ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය අතරින් කවුරුන් සුපිරි 04 වටයට පිවිසේවි ද ?.. -
News

ශ්‍රි ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය අතරින් කවුරුන් සුපිරි 04 වටයට පිවිසේවි ද ?..

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ ‘ B ‘ කාණ්ඩයෙන් සුපිරි 04 වටයට පිවිසෙන කණ්ඩායම් දෙක තවමත් තීරණය වී නෑ. B කාණ්ඩයේ තවත් ඉතිරිව ඇත්තේ එක් තරඟයක් පමණක් වන අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන මෙම තීරණාත්මක තරඟයේ ප්‍රතිඵලය මත සුපිරි 04 වටයට පිවිසෙන කණ්ඩායම් දෙක තීරණය වීමට නියමිතයි. මේ වනවිට ක්‍රීඩාකළ තරඟ දෙකම ජයගනිමින් ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් සහිතව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින ශ්‍රී ලංකාවට අවසන් සුපිරි 04 පිවිසීමට වැඩි අවස්තාවක් පවතිනවා.

අවසන් පූර්ව වටයට පිවිසීමට කණ්ඩායම් සපුරාලිය යුතු සාධක.

  • ශ්‍රී ලංකාව – ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරීම හෝ ලකුණු 70 කට අඩු ලකුණු පරතරයක් සහිතව තරඟය පරාජය වීම.
  • ඇෆ්ගනිස්තානය – ශ්‍රී ලංකාව සමඟ තරඟය අනිවාර්යෙන් ජයග්‍රහණය කිරීම
  • බංග්ලාදේශය – ශ්‍රී ලංකාව හමුවේ ඇෆ්ගනිස්තානය පරාජය වීම.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button