News
ලසිත් මාලිංග අභිබවා යමින් නුවන් තුශාරගෙන් ආසියානු කුසලාන වාර්තාවක්..

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරඟය ඇෆ්ගනිස්තානය සමඟින් පැවැත්වුණු අතර කඩුලු 06 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම තරඟයේදී විශිස්ට පන්දුයැවීමක නිරතවෙමින් ලකුණු 18 කට කඩුලු 04 ක් බිඳදමමින් විශිස්ට පන්දුයැවීමක නිරතවීමට නුවන් තුශාර සමත්වුණු අතර එය වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා පන්දුයවන්නෙක් විස්සයි විස්ස ආසියානු කුසලානයකදී වාර්තාකළ හොඳම පන්දුයැවීම ලෙසයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2016 දී එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ලකුණු 26 කට කඩුලු 04 ක් දවාගත් හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.
Best bowling figures by a Sri Lankan bowler in Men’s T20I Asia Cup history.
- Nuwan Thushara – 4/18 vs AFG, 2025 *
- Lasith Malinga – 4/26 vs UAE, 2016