News
වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකාවේ අයි.සී.සී සාමාජිකත්වය අත්හිටුවයි..

අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ අයි.සී.සී සාමාජිකත්වය අත්හිටුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ ඇති බැදීම් අඛණ්ඩව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත්බවයි.
කෙසේ වෙතත් අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලි සඳහා සහභාගී වීම සඳහා හැකියාව පවතින බවද අයි.සී.සී ය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වනවා.